Friday, April 13, 2012

අභියෝගය!
අපේ පාසල් යන දූ දරුවන්ට මෙරට අධ්‍යාපන දෙපාර්තුමේන්තුව විසින් විශාල අභියෝගයක් බාරදී ඇත. මෙම අභීයෝගයට අනුව, ඉංග්‍රීසි භාෂාව අසමත් වෙන කිසිදු ශිෂ්‍යයකුට හෝ ශිෂ්‍යාවකට සරසවි වරම් උරුම වන්නේ නැත.

අපේ ආදරණීය දූ දරුවන් විසින් කල යුත්තේ කුමක්ද? ඒ අභීයෝගය බාරගෙන ඉතා හොදට මැනවින් ඉංග්‍රීසි භාෂාව ප්‍රගුණ කිරීමයි. එහෙම කරන්න කෝ අපට ඉංග්‍රීසි ගුරුවරු? ඒ අපේ දූ දරුවන් මුහුණ දෙන ප්‍රධානම අභියෝගයයි.


මේ Blog අඩවිය නිර්මාණය කිරීමේ පරමාර්තය වන්නේ ඒ අඩුව පුරවා, ජාත්‍යන්තරය පුරාම සිටින දක්ෂ ඉංග්‍රීසි ගුරුවරුන්ගේ සේවාවන් අප දූ දරුවන්ට ලබාදීමයි.

 මෙම Blog අඩවිය මගින් ජාත්‍යන්තර තලයේ සිටින ඉතාම දක්ෂ ගුරුවරුන්ගේ දේශන මාලාවන් වෙත අප ඔබව යොමු කරන්නෙමු. ඒ සදහා ඔබ කල යුත්තේ, ඔබ වෙනුවෙනුම නිර්මාණයකර ඇති

Internet English language collage,  

මත ක්ලික් කිරීමයි.


මේ ආකාරයට ඉංග්‍රීසි භාෂාවේ ඇති, ඔබට ඇවැසි සෑම අංගයක්ම ඔබට ඉදිරිපත් කිරීම අපේ පරමාර්තයයි.


අප සමග බද්ධවන්න ඔබට ඇවැසි දේ අපෙන් ඉල්ලන්න. ඉංග්‍රීසි භාෂාව ජය ගන්න.


චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.